මම ඒච්චරම දේව විස්වාසය තියෙන කෙනෙක් නෙමෙයි. උපතින් කිතුණුවෙක් වුණත් මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ. ''ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත, " කියන කවිය තමයි මගේ පරමාදර්ශය . මම කොරෝනාව විවිධ විදියට තේරැම් ගන්න උත්සාහ කළා. මට අලුතින්ම හිතුන විදිය තමයි මේක. ඒක කියවලා ටිකක් බුද්ධිමත් විදියට හිතල ප්‍රතිචාර දක්වනවනම් මම කැමතියි.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය දැන් මම හිතන්නේ දෙවියන්ගේ ක්‍රියාවක් කියලා. සමහරු කොහොම තර්ක කලත් තාමත් ලෝකේ වැඩිපුරම ඉන්නේ දෙවිකෙනෙක් මේ ලෝකෙ මවල පාලනය කරනවයි කියලා විශ්වාස කරන මිනිස්සු. ඉතිං මේ වෙලාවේ හොදම දේ තමයි, ඒ දෘෂ්ඨියෙන්ම බලලා කොරෝනාව තේරැම් ගන්න උත්සාහ කරන ඒක. ඒක නිසයි මම හිතන්න ගත්තෙ කොරොනාව ඒව්වෙ දෙවියන් වහන්සේමයි කියලා.
බොහෝ වෙලාවට දෙවියන් වහන්සේ හරම ප්‍රජාතන්ත්‍රවාදී චරිතයක්. තමන් ලෝකය මැව්ව කියලා. ඒකට වැඩිය ඇගිලි ගහන්න ගියේ නෑ. මිනිස්සුන්ට තමන්ට ඔන විදියට ජීවත් වෙන්න ඇරලා බලාගෙන හිටියා. බැරිම තැනක තමයි මැදහත් වෙන්නේ.

දෙවියන් වහන්සේ ඒකවතාවක් විශාල ජල ගැල්මක් ඇතිකරලා ලෝකයම විනාශ කරල තියෙනවාඉතා ඇත කාලයේ ජේසු ඉපදෙන්නත් ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඒකවතාවක් මුළු ලෝකයම විනාශ කරපු බව බයිබලයේ සදහන් වෙනවා. ඒ් සැරේ බේරගත්තේ නෝවාවයි නෝවගේ පවුලෙ අයවයි නෝවා හදාගත්තු නැවට දාගත්තු සත්තු ටිකයි විතරයි. ඉතිරි සියලු දෙනාවම විශාල ජල ගැල්මක් ඇතිකරලා ලෝකයම විනාශ කරල තියෙනවා. ලොව විනාශ කරන්න හේතු වුනේ ඒ වෙනකොට මිනිස්සු ඉතා බරපතල විදියට පාපයට වහල්වී සිටි නිසා. කරන්න වෙන දෙයක් නැති වුනාම. දෙවියන් වහන්සේ ඒ වගේ තීරන අරගෙන තියෙනවා.
නෝවාගෙන් පැවත ඒන ඒය ආයෙමත් පාපයට වැටිලා ජීවත් වෙන කොට තමයි දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාව මනුෂ්‍ය වේසයෙන් මේ ලෝකෙට ඒව්වෙ. ජීවත් වෙන හැටි කියදෙන්න.ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒත් ඒයාටත් වැඩිකල්ඉන්න දුන්නේනෑ. අවුරූදු 33 දී වද හිංසා දීලා කුරුසියේ ඇණගහලා මරලා දැම්මා. ඒත් මරනයෙන් නැගිට්ටාට පස්සේ බොහෝ අය ජේසු තුමා අදහන්න පටන් ගත්තා. තවත් පිරිසක් ජේසුව පිලිගත්තෙත් නෑ. ඊට පස්සේ ඒ අයට ජීවත් වෙන හැටි කියලදෙන්න තමයි දෙවියන් වහන්සේ මොහොමඩ් කියන ගොපල්ලාට දේවඥානයක් පහල කරලා අලුත් දහමක් කියල දුන්නෙ. ඒත් ඒයාටත් මදීනාවේ මිනිස්සු ළමයින් දම්මල ගල්ගැස්සුවලු. ඒත් පස්සේ ඒයාවත් ලෝකේ බොහෝ දෙනෙක් අදහන්න ගත්තා. මේ දෙන්නා දේශනා කරපු දහම ඔලුව උඩ තියාගත්තු අනුගාමික ආගමික නායකයෝ ඒ ඉගැන්වීම් අරගෙන ගියේ යහපතට වඩා විනාසයටමයි. ජේසුගේ දහම ඉස්සරහට අරගෙන යන්න පිහිටවපු සභාව ජේසු කතා කරපු සමාජවාදය වෙනුවට ධනවාදය වෙනුවෙන් හිටගන්න පටන් ගත්තා. මොහොමඩ් නබිතුමා කතාකරපු දහම කනපිට හරවලා මූලධර්ම වාදී අන්තවාදී දහමකට හැරෙව්වෙත් ආගමික නායකයෝමයි.
ජේසුතුමා තමයි ලෝකෙ මුලින්ම බිහිවූ සමාජ වාදියා. ඒත් කිතුණු සභාව ඒදා ඉදන් අද දක්වාම කලේ සමාජ වාදය ලාදුරු රෝගයක් වගේ බැහැර කරපු ඒක. සැබෑ කිතු දහමට අනුව ධනවාදය කියන්නේ පාපයක්. සමාජ පාපයක්. ලෝකයේ බොහෝ අය දුක්විදින්නේ ව්‍යූහගත සමාජ පාපය නිසා. ඒ දහම දේශනා කරන්න ගිහින් ඒකාලේ හිටපු නායකයොයි පූජකයොයි කුමන්ත්‍රණය කරලා ජේසුව තිරස්තීන විදියට මරල දැම්මා. ඉතිං පහුගිය කාලෙ ජේසුගේ දහම හරියට තේරුම්ගත්තු පූජකයින්ට සාම්ප්‍රදායික සභාව සැලකුවෙ හරියට ලාදුරු රෝගීන්ට වගේ. (මේ ගැන ලොකු විස්තරයක් මම ''පාදර් සරත්" පොතේ ලියල තියෙනවා) ජේසුගේ දහම හරයට තේරුම් ගත්තු අය ඉන්නේ ටිකයි. ඒ අය අනිත් අයගෙන් නින්දා අපහාස විදිනවා. හරියට සීයට 3 වගේ.

කොරෝනා පැතිරෙන්න ගනිද්දි දෙවියන් වහන්සේ වතිකානුවයි මක්කමයි වහලදාන්න සැලැස්සුවෙ නිකම් නෙවෙයි
කොරෝනා පැතිරෙන්න ගනිද්දි දෙවියන් වහන්සේ වතිකානුවයි මක්කමයි වහලදාන්න සැලැස්සුවෙ නිකම් නෙවෙයි. ඒවයේ සේවය කරන්නේ පාපී ධනවාදයට බව දෙවියන් වහන්සේ දැනගෙන හිටියා. දැන් ඉන්න පාප් වහන්සේ නම් ටිකක් ප්‍රගතිශිලියි. ඒත් සභාව ධනවාදීයි. පාප් වහන්සේ ප්‍රගතිශිලි වුනාට කාදිනල්ලා ඇතුළු සභාව කඩේ යන්නේ ධනවාදයට.
මේ වනවිට ලෝකයේ දනවාදිය කියන පාපය තුලින් ඉතාම අන්තකටම ගිහින් හිටියේ. ලෝකය සූරාකාපු බහු ජාතික සමාගම් ඉතා අන්ත විදියට තමන්ගේ වැඩේ කරගෙන ගියා. ඒකට ''ගෝලීයකරණය", 'විශ්වගම්මානය", ''නව ලිබරල් වාදය" වගේ ලස්සන වචන දාගත්තට ඒ් වැඩ පිලිවෙලේ මුලුමනින්ම තිබුනේ සූරාකෑම. සූරාකන්නන්ගේ බලාපොරොත්තුව තිබුනේ දුප්පතුන්ව ලෝකයෙන් අතුගාල දාලා තමන්ව විතරත් ඉතුරු කරගන්න ඒක. ගෝලීය ධනවාදය දුප්පතුන් විතරක් නෙවෙයි. දුප්පතුන් ඉන්න රටවල පරිසරය පවා සූරාකෑවේ හරිම දරැනු විදියට (මේ ගැන ඉතා වැදගත් හෙලිදරව්වක් මම පරිවර්තනය කරපු ''සොරාගත් අස්වැන්න" පොතේ තියෙනවා)
මේ ධනවාදී පාපය ඉහවහා ගිහින් තියෙන ඒක තවත් ඉවස ගන්න බැරිමතැන තමයි. දෙවියන් වහන්සේ මේ තීරනය ගන්න ඇත්තේ. දන්න ඉතිහාසය තුල කොරෝනා වෛරසය තරම් ලෝකෙටම පීඩාවක් ඇති කරපු තවත් ප්‍රශ්නයක් නෑ. ධනවාදී පාපයට නිදහසේ හැසිරෙන්න ඒක් ඒක් රටවල් වල ඇරගත්තු දොරවල් කොරෝනා තුලින් ''ලොක් ඩවුන්" කරගන්න දෙවියන් වහන්සේ සැලැස්සුවේ නිකන් නෙවෙයි.
දුප්පත් රටවලත් නව ලිබරල් වාදය පතුරවලා අපේ දොරවල් ඇරවලා අපේ සාරය සූරාගත් ධනවත් රටවල් ඔක්කෝම මේ වනවිට තමන්ගේ රටවල් ලොක් ඩවුන් කරගෙන මේ වනවිට ගෝලීය කරනය තාවකාලිකව හෝ ලෝකයෙන්ම අහෝසිවෙලා. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.
දෙවියන් වහන්සේ මේක ලෝකෙටම දීපු දඩුවමක්. බලාගෙන ඉදල ඉදල බැරිම තැන ලෝකෙට දීපු දඩුවමක්
මෙ දඩුවම ඉස්සෙල්ලාම චීනෙට දුන්නෙත් හේතුවක් ඇතිව. දේව සැලැස්ම ඒහෙම තමයි. සියල්ල ධනවාදයට බාරදීපු බටහිර රටවල් මේ වනවිට නන්නත්තාරවෙලා තියෙනවා.
අපිටත් කොරෝනා දුන්නට අපිව බය කරලා තත්වය පාලනය කරල තියෙනවා.

දෙවියන් වහන්සේ දන්නවා ලංකාව පාලනය කරන්නෙ ධනවාදයට කබුරන හරියට ඔ ලෙවල් වත් පාස් නොකරපු බහුතරයක් ඉන්න අමුමෝඩ මැති ඇමති මන්ඩලයක් කියලා.
දෙවියන් වහන්සේ දන්නවා ලංකාව පාලනය කරන්නෙ ධනවාදයට කබුරන හරියට ඔ ලෙවල් වත් පාස් නොකරපු බහුතරයක් ඉන්න අමුමෝඩ මැති ඇමති මන්ඩලයක් කියලා. මේ කට කොරෝන ව්‍යාප්තවෙන්න ඇරියොත් මේකේ මිනිස් පුළුටක්වත් ඉතිරිවෙන්නේ නෑ. දැනටත් සමහර අය කරන්නේ විශාල මුදල් වියදම් කරලා අහසින් පිරිත් වතුර ඉහින ඒක.
දෙවියන් වහන්සේ අපටත් හිතන්න ඉඩදීලා තියෙනවා.
මූණුපොතේ සමහරු ලියල තියෙනවා ගෝඨාභයට රට බාරදීපු නිසා රට මේ තරමින් බේරුනා කියලා. සමහරු හිතනවා ලංකාව පුරා උදේ හවා සජ්ජායනය කරන පිරිත් බලයෙන් කොරෝනා පාලනය වුනා කියලා. මට හිතෙන්නෙ නම් අරකයි කාරනේ. දූෂිත මෝඩ රැලක් පාලනය කරන අපි වගේ රටක කොරෝනා ව්‍යාප්ත වෙන්න ඉඩහැරියෙත් කොහෙන් කෙලවර වෙයිද දන්න නෑ. මේකත් දෙවියන්ගේ ක්‍රියාවක් වෙන්න බැරිද
මේ වගේ වසංගතයක් ලෝකෙට මුදාහැරලා දෙවියන් වහන්සේ අපේක්ෂා කරන්න ඇත්තේ මොකක්ද මේ යන විදයට ලෝකෙට තවදුරටත් ඉදිරියට යන්න බෑ කියනඒක නෙවෙයිද දේවවාදීව හිතන කිතුණුවන්ටත් ඉස්ලාම් වරුන්ටත් නැවත හිතන්න වෙලාවක් දීල තියෙන්නේ. ධනවාදී පාපයෙන් ඉවත්වෙලා ජෙසු දේශනාකරපු සමාජවාදී මාවතට අවතීර්න වෙන්න ලෝකය තීරනය කෙරුවෙත් හරි. නැත්තම් ඊලගට වෙනදේ අනාවැකියක් ලෙස බයිබලයේ සදහන් වෙලා තියෙනවා. පලමු සැරේ ජලගැල්මෙන් ලෝකය විනාශ කරපු දෙවියන් වහන්සේ ඊලග සැරේ ලෝකය විනාශ කරන්නේ ගින්නෙන් බව බයිබලයේ ලියා තියෙනවා.

කොරෝනා වසංගතය දෙවියන් වහන්සේ කරපු පොඩි ට්‍රයල් ඒකක් වෙන්නත් බැරිනෑ.
මම මේ ලියපු දේවල් ඔක්කොටම මමත් ඒකග නෑ. ඒත් සත්‍යය තේරුම් ගන්නකොට විවිධ මානයන්ගෙන් ප්‍රශ්නය දිහා බලන්න වෙනවා. මම කෙරුවේ ඒහෙම දෙයක් මේක කියවලා පිස්සෝ වගේ දගලන්නේ නැතුව බුද්ධිමත් සංවාදයකට එන්න මම ඔබ සැමට ආරාධනා කරනවා.
සිඩ්නි මාකස් ඩයස්

No comments:
Post a Comment