Tuesday, 7 April 2020
# 1st priority to the Food Security through Natural GYMගෙවත්ත කියන්නේ නැචුරල් ජිම් (Natural Gym)ඒකක්
පහුගිය කාලේ රට විවෘත ආර්ථිකයට යොමුකරලා සේවා සපයන රස්සාවලට යොමු වෙච්ච සමාජයක තරබාරුව ලොකු ප්‍රශ්නයක් වුණා. වෙනත් රටවල හදන ටිං කරපු පැකට් කරපු වීවිධ රසායනයන් මිශ්‍රවෙච්ච කෑම ජාතිත් ඒකට හේතුවක් වුනා.රටේ වංසගත රෝග වෙනුවට වසංගත නොවන රෝග ඉදිරියට ඒන්න මේ තත්වයත් බලපෑවා ඒකට වෙලෙද පොල ආර්ථිකය අපට දුන්න විසදුම තමයි ජිම් ඒක Gym. මධ්‍යම පාන්තික සමාජයට ජිම් Gym යන ඒක ලොකු විලාසිතාවක් වුණා. ගෙදර මිදුලෙ වැව්වේ රට තණ කොල ඒ අයට දැන් ඒවයෙ විපාක තේරෙනවා ඇති.
ගෙදර වත්තේ ගහක් කොලක් වවලා ගෙඩියක් කඩාගෙන කන්න පුරුදු වෙලා හිටපු අයට ඒ හැදෙන ටික දේ වුණත් මේ වෙලාවේ මාර සහනයක් වෙලා තියෙනවා. මමත් ඒක මේ වෙලාවේ අත් දකිනවා. පායලා පායලා පොලොව කරකුට්ටම් වෙලා තියෙත්දිත් ගෙදර වත්තේ පළතුරු ඒලවලු ටිකක් තිබුණා. මේ දවස්වලත් අඹගස්වල අඹ හැදිලා කොස්ගස්වලත් ගෙඩිහැදිලා අන්නාසි පදුරු වලත් ගෙඩි 30-40ක් තියෙනවා. ගස්ලබු ගස් කීපයේත් ඇතිවෙන්න කන්න ගස්ලබු තියෙනවා. අලුකෙහෙල් කැනක් වගේම මෝරගෙන ඒන සුවදැල් කැන් දෙක තුනකුත් තියෙනවා. වවාපු ගස්වල කන්න පොලුත් තියෙනවා. ඊලග වැස්සට හිටවන්න පැලටිකක් ලෑස්ති කරලයි තියෙන්නේ.
මම කරන්නේ පොත් ලියන ඒක වුණාට පොතක් ලියල ඉවරවුන වහාම පෑන පැත්තකින් තියලා අතට ගන්නේ උදැල්ල. වෙහෙස වෙච්ච මොලය රිලක්ස් කරගන්නේ වැත්තෙ වැඩ කරලා. වැඩි වෙච්ච බරත් කිලොවක් දෙකක් අඩුවෙනවා. ඒ ටික කිව්වේ කයිවාරැවකට නෙවෙයි. මගේ අත්දැකීමෙන් අනිත් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා.
ඉතිං ගෙදර වත්ත නැචුරල් ජිම් ඒකක් (Natural Gym) කරගැනීමේ වැදගත්කම මේ වෙලාවෙ කතා කරන ඒක වටිනව කියලා මට හිතෙනවා. නැචුරල් ජිම් ඒකක් කියන්නේ ගෙවත්තට මම දෙන අළුත් නම.
ප්‍රදේශයේ ගැමි කාන්තාවන්ට ගෙවත්ත හදුන්වා දුන්නේ "පෝෂණ තුරැ ගොමුව" කියලා මේ පෝෂන තුරු ගොමුවට යොමුවෙච්ච අයට අස්වැන්නේ අතිරික්තය විකුණගන්න ආණමඩුව නගරයේ ''බදාදා ජීවන ශක්ති පොළ" පටන් ගන්න මම උදව් කලා. ඒ පොලට දැන් අවුරුදු 12ක් වෙනවා.
පෝෂණ තුරු ගොමුවක් කියන්නේ කන්නෙට හැදෙන එළවලු ටික විතරක් නෙවෙයි. ගෙඩි කඩල කන්න පුලුවන් බහුවාර්ෂික බෝගත් යහමින් තියෙන්න ඔන. ඒතකොට ඒවා අපට හැමදාම ආහාර දෙනවා.
මධ්‍යම පාන්තික රැකියා කරන බොහො අය ගෙවත්ත අමතක කෙරුවේ ඒකෙ ලාභය ගනන් බලපු විදිය වැරදි නිසා. නව ලිබරල් සුපර්මාකට් ක්‍රමය නිසා ට්‍රොලිය තල්ලුකරගෙන බඩු රාක්ක අස්සේ ඇවිද ඇවිද පිටරටින් ගෙන බඩු පුරෝගෙන ෂොපින් (Shopping)කරන ඒක ඒ අයට විලාසිතාවක් වුණා. ඒක නිසා ගෙවත්ත දිහා අලුත් මානයකින් බලන්න අප පුරුදුවිය යුතුයි. මොකද කොරෝනා වලින් විතරක් නොවෙයි ඉදිරියට ආහාර අර්බුධයෙනුත් මිනිස්සු මැරෙන්න ඉඩතියෙනවා. දැන් අනිත් රටවල් සේරමත් ලොක් ඩවුන් කරල නිසා නැවෙන් කන්න ඒනකන් බලාගෙන හිටියට වැඩක් නෑ. අතේ සල්ලි තිබ්බත් වැඩක් නෑ කන්න නැත්නම්.
පසුගිය දශක කීපයේ රට කරපු ආණ්ඩු වල වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති නීසා අපේ රටේ හේන් වල වවපු මුං ඇට කව්පි තල කුරක්කන් පවා ගෙනාවේ පිටරටින්. අපිට ආවේනික ධාන්‍ය බොහෝමයක් වද වෙලා ගියේ නිකම්ම නෙවෙයි.
මම මුලින්ම ආණමඩුවට එනකොට හැමදාම හවසට මිනිස්සු වවපු ධාන්‍ය සහ එළවලු ලොරි හතර පහක් කොළඹට පටවනවා දැන් සෙනසුරාදට හිස් ලොරි කොළඹ ගිහින් මෙහේ මීනිස්සුන්ට කන්න මුං ඇට කව්පි තල කුරක්කන් කොළඹින් ගේනවා ඒ ගේන්නේ පිටරටින් ආනයනය කරපුවා. ඒතමයි පසුගිය දශක කීපයේ අපේ ආන්ඩු ඒකතු වෙලා කරපු සංවර්ධනය.
ආහාර ටික වවන්න ගම්වල හිටපු කොල්ලො කෙල්ලන්ව ගාමන්වල රෙදි මහන්න කියල හිරකෙරුවා. ඇමෙරිකාව වගේ රටවල් තමන්ගේ ආහාර තමන්ම වවාගෙන අපි ලවා ඒ අයගේ රෙදි මස්සවා ගත්තා. මේ වෙලාවේ ඒ් අයට කෑම හිගයක් නෑ.පරන රෙදි ඇද ඇද වුනත් ඒඅයට ඉන්න පුලුවන් තව කාලයක්. අපේ ගැහැනු ලමයි මහපු රෙදි ඒ අය ගන්නෙත් නෑ දැන් අපිට ඒව කන්නත් බෑ. මේව තමයි අපට වැරදුන තැන්. ආහාර සුරක්ෂිත තාවය ගැන රටක් හැටියට වගේම පවුලක් හැටියටත් හිතන්න ඔන. පහුගිය සංවර්ධන ප්‍රතිපත්ති වලින් රටට වෙච්ච විනාශය නිසා.
නැචුරල් ජිම් ඒකක් කියන්නේ ඒලවලු පලා පලතුරු වලින් පිරුණු තැනක්. ඒහෙම ඒකක් ඉබේ හැදෙන්නේ නෑ අපි මහන්සි වෙලා හාදාගන්න ඔන. ඒකෙ ලාභෙ තක්සෙරු කරන්න ඔන අලුත් විදියට. ඒකට මම 3F ක්‍රමවේදය ඔබට හදුන්වා දෙනවා.
F1 =Fitness
F2= Food
F3= Fun
F1 Fitness
ටවුමෙ තියන ජිම් ඒකට යනඒක නවත්වලා ගෙදර වත්තේ වැඩ කරන්න පුරැදු වුනාම ශරීරයට ඇතිතරම් ව්‍යායාම ලබාගන්න පුළුවන් නැමෙන්න දිගෑරෙන්න කොටන්න කොච්චර ව්‍යායාම ලැබෙන වැඩ තියෙනවද? ඇති තරම් දාඩියත් දානවා. බර අඩුවෙලා තරබාරැ කමත් අඩුවෙනවා. හිසේ තියෙන ආතතියත් අඩුවෙලා ගිහින් හිත රිලක්ස් වෙනවා. ටවුමෙ තියෙන ජිම් ඒකට වගේ වියදමක් යන්නෙත් නෑ.
F2 Food
වවන දේවල් වලින් ඵලහටගන්නවා . ගෙදරවත්තේ තමන්ගේ මහන්සියෙන් වවන ඒලවලු පලතුරු පලා කනකොට ලබන සතුට කඩෙන් ගේන ඒවා කාලා කවදාත්වත් ලබන්න බෑ. ඒක අත්දැකීමෙන් මම විදිනවා. විදින තවත් බොහෝ අය මේ රටේ තාමත් ඉන්නවා. ඒ අය මේකට කමෙන්ට් දායි. ඒවා වසවිස නෑහ. ලෙඩ අඩුයි. තමන්ට වැඩිහරිය අහල පහල අයට බෙදාහදාගන්න හුවමාරැ කරගන්නත් පුලුවන්.
හොදට මතක තියාගන්න. නිරෝගීව ජීවත් වෙන්න නම් අපි ආහාරයට ගන්න ඔන අප අවට පරිසරයෙන් හැදෙන ආහාරමයි. ටිං කරපු පැකට් කරපු ලෝකෙ කොහෙවත් හදපු ආහාර තමයි අපව ලෙඩ කරන්නෙ. ඒක මම අත්දුටු සත්‍යයක්. අපේ වියලි කලාපයේ පරිසරය හරි උෂ්නයි. ඒහෙත් වියලි කලාපයේ හැදෙන ආහාර අපේ ශරීරය සිසිල් කරන ඒවා. උඩරට පැත්තෙ පරිසරය හරි සිසිල් නමුත් ඒවගේ හැදෙන ආහාර බොහෝවිට උෂ්නාධිකයි. ඒ සමතුලිතතාවය රැකගන්න නම් අපේ පරිසරයේ හැදෙන ආහාර වලට හුරැවෙන්න අවශ්‍යයි. ඒකට හොදම විසදමු තමයි.හැකි තරම් නිතර ගෙවත්තේ ආහාර වවාගන්න ඒක.
F3 Fun
ගෙදර වත්තේ පැලයක් හදාපුවාම ඒ හැදෙනව බලන ඒක හිතට දෙන්නේපුදුම සතුටක්. ගහකොල හිටවන අය උදේනැගිට්ට ගමන් දුවන්නේ හිටවපු පැලයේ අලුත් දල්ලක් ඇවිල්ලද බලන්න. මලක් පිපිලද බලන්න. පිපුණු මල්වල ගැට මොදුවෙනවද බලන්න. හැදුනු ඵල පැහිලද ඉදිලද බලන්න. ඒක පුදුමු අහිංසක සතුටක්.
ගෙදර ගහේ හැදුනු ඒලවලු ටික පලතුරුටික මිරිස් කරල කෑම පිගානට ඒනකොට ඒක දනවන සතුට පුදුමඒකක්. ඒ සතුට සල්ලිවලින් ගන්න බෑ.
ඉතිං ගෙවතු වගාවෙ ලාභය ගනන් බලන කොට ලැබෙන අස්වැන්නට වෙලෙද පොල වටිනාකමට වඩා ඉහල වටිනාකමක් 3 F තුලින් දෙන්න ඔනෑ.
කොරෝනා වසංගතය කොහෙන් ඉවරවෙයිද දන්නේ නෑ. කොරෝනාවට පස්සේ තවත් වසංගත නොඒයි කියලා කියන්න බෑ. ගෙවල් ඇතුලට වෙලා ඉන්න කොට පලවෙනි දේ තමයි ආහාර. ගෝලීයකරනය පස්සේ ලෝකෙටම විවෘතවෙන්න ගිය මනුස්සයාට දැන් වෙලා තියෙන්නේ රටවල් ලොක් ඩවුන් කරගන්න. දිස්ත්‍රික්ක ලොක් ඩවුන් කරගන්න. ගම ලොක් ඩවුන් කරගන්න. ගෙවල් ලොක් ඩවුන් කරගන්න. අන්තිමට තම තමන්වත් ලොක් ඩවුන් කරගන්න. ඒ්වගේ මිනිසුන්ව ගෙවල්වලට මාස ගනන් හිරකරල තියන වසංගතයක් පිටුපස්සේ සාගතය අනිවාර්යයෙන්ම ඒනවා. දැනටමත් ඇවිල්ලා. ඒ්කට සූදානම් වෙන්න වෙනවා. හෙට අනිද්දා වහින්න පටන් ගනීවි. ඒ් හින්ද දැන්මම නැචුරල් ජිම් ඒකක් හදාගන්න පටන් ගන්න. මූලික වැඩටික පටන් ගන්න මේ වෙලාව ඉතාම හොදයි.
මගේ අදහස පෝෂනය කරන්න. අවශ්‍යනම් නිවැරදි කරන්න. ඔබටත් ඉඩ තියෙනවා.
සිඩ්නි මාකස් ඩයස්
Subscribe to:
Post Comments (Atom)



No comments:
Post a Comment